Mon. Jun 30th, 2025

ශෙයික් හසීනාට මිනීමැරුම් චෝදනා

Aug14,2024

බංගලාදේශ හිටපු අගමැතිනී ශෙයික් හසීනාට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා.

පසුගියදා පැවැති සිවිල් නොසන්සුන්තාවලදී පොලිසිය විසින් පුද්ගලයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට මිනී මැරුම් චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ පිළිබඳ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩකා අගනුවර සති ගණනාවක් තිස්සේ ඇති වූ නොසන්සුන්තාවලින් අනතුරුව පසුගිය රජයේ තවත් ඉහළ පෙළේ නිලධාරින් හය දෙනෙකු පිළිබඳව ද විමර්ශනය කෙරෙනවා.

ශෙයික් හසීනා මේ මස මුලදී ඉල්ලා අස් වූ අතර ඇය ඉන්දියාවට පලා ගියා.

කෙසේ වෙතත් ඇයට එරෙහිව මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා පැය කිහිපයකට පසු විරෝධතා පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වන ලෙස ඇය ඉල්ලා තිබෙනවා.

රටින් පිටව ගිය පසු කළ පළමු ප්‍රකාශය වන මින් ඇය ඉල්ලා සිටියේ ඊට සම්බන්ධ අය හඳුනාගෙන ඒ අනුව දඬුවම් දෙන ලෙසයි.

සති කිහිපයක් පැවැති විරෝධතා වලදී 400 කට වැඩි පිරිසක් මිය ගියා.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හිටපු අගමැතිනිය ලබා දුන් අණ පරිදි පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *