රැකියාවෙන් විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමීමට චීන රජය තීරණය කර තිබෙනවා.
චීන ජනතාවට වැඩි කාලයක් රටට අවශ්‍ය සේවය ලබාදීමට හා විශ්‍රාම වැටුප් සදහා වෙන්කරන මුදල් ප්‍රමාණය ඉහළ යාම වැළැක්වීම සදහායි මෙම පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම චීනයේ ආයු අපේක්ෂාව අඛණ්ව ඉහළ යාම ද විශ්‍රාම ගැන්වෙන වයස ඉහළ දැමීමට හේතුවී තිබෙනවා.
2029 වසර වන විට අදාළ ප්‍රතිසංස්කරණයන් සම්පුර්ණ කිරීමට නියමිත අතර මේ වන විට එරට පිරිමි පුද්ගලයෙකු විශ්‍රාම ගැන්වෙන වයස සටහන් වන්නේ අවුරුදු 60 ලෙසයි.
එමෙන්ම උසස් රැකියාවල නියුතු කාන්තාවන් අවුරුදු 55න් හා කර්මාන්ත ශාලාවන්හි රැකියාවල නිරත වන කාන්තාවන් වයස අවුරුදු 50න් විශ්‍රාම ගැන්වෙනවා.