චීන සහ පිලිපීන වෙරළාරක්ෂක නැව් දෙකක් අද අලුයම දකුණු චීන මුහුදේ දී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
අද අලුයම 3.23ට පමණ මෙම අනතුර සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පිලිපීන නැව අනවසරයෙන් සිය මුහුදු සීමාව වෙත පැමිණ බවත් ඔවුන්ට අනතුරු සංඥා කිහිපයක් නිකුත් කළද ඒවා නොසලකා හරිමින් සිය මුහුදු සීමාව වෙත පැමිණි බවයි චීන වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.