Sat. Jun 28th, 2025

පොරොවක් අතැතිව චන්ඩි පාට් දැමූ අයෙකුට වුණු දේ

Jun17,2024
Hamburg. June 16, 2024 Nonstopnews/via REUTERS

යුරෝ පාපන්දු තරඟාවලියට සමගාමීව, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති සංදර්ශන පෙළපාළියක් අතරතුරේ, කෙටි පොරොවක් අතැතිව කලහකාරීව හැසිරුණු අයෙකුට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

පොරොව අතැති තැනැත්තා කලහකාරී ලෙස හැසිරෙද්දී, පොලිස් නිලධාරීන් ඔහු මෙල්ල කිරීමට උත්සාහ ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

එම අවස්ථාවේදී එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට පෙට්‍රල් බෝම්බයකින් දමා ගැසීමට තැත් කළ බවද වාර්තා වී තිබෙනවා.

ඔහු තවත් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බැවින්, පොලිසිය ඔහුගේ පාදයකට වෙඩි තැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කළ බව සඳහන්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *