Sun. Jun 29th, 2025

නයිජීරියාවේ කානෝ නගරයට ඇඳිරි නීතිය

Aug2,2024

නයිජීරියාවේ කානෝ නගරයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

නයිජීරියාවේ දෙවන විශාලතම නගරය වන කානෝ නගරයේ රජයට විරෝධය පළ කරමින් විරෝධතා පැවැත්වෙනවා.

ජීවන වියදම දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

ඔවුන් රජයේ දේපලවලට අලාභ හානි සිදු කිරීම හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරයා නිවේදනය කරන්නේ.

නයිජීරියාවේ සෑම නගරයකම රජයට එරෙහිව විරෝධතා ආරම්භ කරන ලෙස විරෝධතා ආරම්භ කළ පිරිස සමස්ත ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

ජනතාව කුසගින්නේ තබා රජය ගෙනයන වැඩපිළිවෙලට දැඩි ප්‍රතිචාර දැක්විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විරෝධතා පාලනය කිරීමට නයිජීරියා පොලීසිය කදුලු ගෑස් , උණුසුම් වතුර ප්‍රහාර එල්ල කර ඇති අතර ඇතැම් ස්ථානයන්හි ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව ද සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *