Mon. Jun 30th, 2025

ආගමික ස්ථානයක ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

Aug13,2024

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ආගමික ස්ථානයක ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බිහාර් ප්‍රාන්තයේ ජෙහානාබාද් දිස්ත්‍රික්කයේ ආගමික ස්ථානයකයි මෙම තෙරපීම සිදුව ඇත්තේ.

තෙරපීමෙන් මියගිය පුද්ගලයින් 7 දෙනා අතරට කාන්තාවන් තුන් දෙනෙකු ද ඇතුළත්.

ආගමික උත්සවය සදහා සහභාගී වූ බැතිමතුන් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ.

මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ද සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

තෙරපීම සිදුවූ ස්ථානයේ රැදී සිටි මල් වෙළෙන්දන් අතර සිදුවූ ගැටුමත් සමග මෙම තෙරපීම හටගත් බවට බැතිමතුන් චෝදනා කරනවා.

එමෙන්ම ආගමික උත්සවයේ සංවිධායකයින් එම අවස්ථාවේ පරිශ්‍රය තුළ රැඳී සිට නොමැති බවද සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *