ඇමරිකාව පුරා මිලියන 100 ක ජනතාවකට අධික උෂ්ණත්වය පිලිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.
බෝල්ටිමෝර් හා ෆිලඩෙල්ෆියා ප්‍රාන්ත වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉඩාහෝ, මොන්ටානා හා වයෝමිං වැනි ප්‍රාන්තවල උෂ්ණත්වය ද මේ වන විට ඉහළ යමින් පවතිනවා.
අද දිනයේදී දැඩි උණුසුම් කාලගුණය නෙබ්‍රස්කා හා කැන්සාස් ප්‍රාන්ත වෙත ගමන් කරනු ඇතැයි ඇමරිකා ජාතික කාලගුණ සේවය පවසනවා.
මේ අතර අධික උණුසුම ආසියාවේ හා යුරෝපය පුරා සිය ගණනක් මරණ ඇති කරන බවට සැක කෙරෙනවා.
මහාද්වීප හතරක නගර මේ වසරේ අධික උණුසුමින් පීඩා විඳිනවා.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද දූවිලි කුණාටුවක්, ගංවතුරක් හා ලැව්ගිනි දෙකක් ඇතුළු විවිධ කාලගුණික සිදුවීම් බලපෑම් එල්ල කළා.
මේ අතර ලැව් ගිනි වලට වගකිව යුතු ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දෙන්නන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 10,000 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පවසනවා.