Fri. Jun 27th, 2025

අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ තිබෙන අලුතින්ම හොයාගත් දේ

Aug13,2024

අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ ද්‍රව ජලය පවතින බවට නවතම අධ්‍යනයකින් හඳුනාගෙන තිබෙනවා.

නාසා ආයතනය අගහරු ග්‍රහයාගේ තොරතුරු සෙවීම සදහා භාවිත කළ යානයේ භූ කම්පන තොරතුරු අධ්‍යනය කිරීම හරහා මෙම කරුණු හෙළිකරගෙන තිබෙනවා.

භූ කම්පන 1,300කට අධික සංඛ්‍යාවක් ඒ සදහා අධ්‍යනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අගහරු ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයට යටින් සාගරයක තරම් ජලය පැවතිය හැකි බවටයි නාසා ආයතනය අනාවැකි පළකරන්නේ.

මතුපිට පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 11.5ත් 20ත් අතර ගැඹුරින් එම ජලය රැඳී ඇති බවට ද නාසා ආයතනය සඳහන් කරනවා.

වසර බිලියන ගණනකට ඉහතදී ගංගාවන් / විල් හා සාගර ලෙස තිබූ ස්ථානයන්හි මෙම ජලය රැඳී පවතින බවටයි ඔවුන් සැක පළකරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *