Sat. Jun 28th, 2025

වඳුරු උණ එන්නතට WHO අනුමැතිය

Sep14,2024 #health #mpox #vaccine #who

වඳුරු උණ ලෙසින් හැඳින්වෙන mpox ආසාදනය පිටුදැකීමේ පියවරක් ලෙස පළමු වරට එම වෛරසයට විරුද්ධ එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසරය ලබා දී තිබෙනවා.

ඒ අනුව mpox ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකේ mpox එන්නත භාවිත කිරීමටයි අවසර ලැබී තිබෙන්නේ.

එය අප්‍රිකාවේ මෙම රෝගයට එරෙහිව සටන් කිරීමේ වැදගත් පියවරක් වනු ඇති.

Bavarian Nordic A/S විසින් සාදන ලද එන්නත අනුමත කිරීම යනු Gavi සහ UNICEF වැනි පරිත්‍යාගශීලීන්ට එය මිලදී ගත හැකි බවයි.

නමුත් දැනට සිටින්නේ එක නිෂ්පාදකයකු පමණක් බැවින් සැපයුම් සිදු කළ හැක්කේ සීමිතවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ mpox පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත් වඩාත් අවශ්‍ය රටවලට සාධාරණ ලෙස බෙදා හැරීමට උත්සාහ කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *