Sun. Jun 29th, 2025

යුක්රේන හමුදා මෙවර භාවිත කරන ප්‍රහාරක යානා

Aug5,2024

යුක්රේන හමුදා F-16 ප්‍රහාරක යානා භාවිතය අරඹා තිබෙනවා.

යුක්රේනය මෙලෙස ඇමරිකාවේ නිෂ්පාදිත F-16 ප්‍රහාරක ජෙට් යානා භාවිතා කරන්නේ රුසියා යුක්රේන යුද්ධය ආරම්භ වී මාස 29 කට පසුවයි.

කෙසේ වෙතත් එම ප්‍රහාරක යානා කොපමණ සංඛ්‍යාවක් යුක්රේනය සතුව තිබේද යන්න හෙළිකර නැහැ.

යුක්රේනය දිගු කලක් තිස්සේ F-16 යානා අපේක්ෂාවෙන් පසු වුණා.

මෙම යානා තුළ මිලිමීටර් 20 කාලතුවක්කුවක්, බෝම්බ, රොකට් හා මිසයිල රැගෙන යාමේ හැකියාවක් පවතිනවා.

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පැවසුවේ යුක්රේනයට තවමත් F-16 හෝ වෙනත් ජෙට් යානා පැදවීමට පුහුණු වූ නියමුවන් නොමැති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *