Mon. Jun 30th, 2025

පළා යන පලස්තීනුවන්ට කන්න බොන්නත් නැති වෙයි

Aug12,2024

ගාසා තීරයෙන් පළා යන පලස්තීනුවන්ට ආහාර, ජලය හා නවාතැන් පිලිබඳ දැවැන්ත අර්බුදයක් හටගෙන තිබෙනවා.

ගාසා තිරයේ නැගෙනහිර ප්‍රදේශවලින් පළා යන දහස් සංඛ්‍යාත පලස්තීනුවන් ආහාර, ජලය හෝ නවාතැන් නොමැතිව පදික වේදිකාවල හා වීදිවල රැය පහන් කරමින් සිටිනවා.

ඒ අතරතුර ඊශ්‍රායල හමුදා දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයට අඛණ්ඩව පහර දෙමින් සිටිනවා.

මේ අතර ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස හමාස් සංවිධානය ඇමරිකාව, කටාර් හා ඊජිප්තුව යන රටවලින් ඉල්ලා සිටිනවා.

පලස්තීන සංඛ්‍යාලේඛනවලට අනුව ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 1.8ක් පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට ඝාතනය කර තිබෙනවා.

එලෙස මිය ගිය අයගෙන් සියයට 75ක් පමණ වයස අවුරුදු 30ට අඩු අය වීම විශේෂත්වයක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *