Fri. Jun 27th, 2025

ලෝකෙට ලොක්කා ලැව් ගිනි මැද අසරණ වෙයි!

Jan10,2025 #news #world
New Blaze Spreads Quickly in L.A. as Death Toll Rises to 10

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 10ක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාළ ලබා තිබෙනවා.

පවතින තද සුළං හේතුවෙන් ලැව් ගිනි වඩාත් පැතිර යනවා. සක්‍රීය ලැව් ගිනි පහක් සීඝ්‍රයෙන් පැතිර යන අතර පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ එකක් පමණක් බවයි වාර්තා වන්නේ. පුද්ගලයන් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් තිබෙනවා.

ගොඩනැගිලි 10000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇතැයි වාර්තා වෙනවා. ගිනි නිවන භටයන් 5000ක් යොදා තිබුණද මේ වන විට අක්කර 35000ක් විනාශ වී තිබෙනවා. ජලය රහිත වීම සහ ගින්න මැඩපැවැත්වීමට නොහැකි වේ යැයි යන බිය ආතතියක් ඇති කර ඇතැයි සඳහන් වෙන අතර ඇමරිකානු ඩොලර් බිලියන ගණනක පාඩුවක් මේ වන විට මේ ලැව් ගිනි නිසා සිදුව තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *