Mon. Jun 30th, 2025

ලෝක සෞඛ්‍ය සංවිධානය එම්පොක්ස් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

Aug15,2024

ලෝක සෞඛ්‍ය සංවිධානය එම්පොක්ස් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම්පොක්ස් යනු මේ වන විට අප්‍රිකාවේ ඉතා ශීග්‍රයෙන් පැතිර යන රෝගී තත්ත්වයක්. එය වඳුරු උණ ලෙසද හඳුන්වනවා.

මෙම රෝගය ලිංගිකව, ආසාදිතයෙකු ස්පර්ශ වීම හෝ වෙනත් පුද්ගලයෙකුට සමීපව කතා කිරීම මෙන්ම ආශ්වාස කිරීම වැනි ක්‍රම මගින් බෝවීම සිදු වනවා.

එය උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන අතර සමේ තුවාල ඇතිවීම ද සිදු වනවා.

මෙම තත්ත්වය මාරාන්තික විය හැකි අතර ආසාදනව වූ සියයට හතරක් මරණයට පත් වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල මෙය පැතිරීම අවධානයට ලක්කර මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මෙය බහුලව ව්‍යාප්ත වී ඇති අතර මේ වන විට පුද්ගලයින් 450 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එය දැන් මධ්‍යම හා නැගෙනහිර අප්‍රිකාවේ ද ව්‍යාප්ත වී ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *