Sun. Jun 29th, 2025

ඔලිම්පික් අවසන් වන තුරු නව රජයක් නම් නොකරන බව ප්‍රංශ ජනපති කියයි

Jul24,2024

එළඹෙන ඔලිම්පික් උළෙල අවසන් වන තුරු නව රජයක් නම් නොකරන බව ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

ඔලිම්පික් උළෙල මධ්‍යම පැරිසියේ දී අනිද්දා ආරම්භ වනවා.

එය අගෝස්තු 11 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසන්නේ එතෙක් නව රජයක් පිහිටුවීම ගැටළු ඇති කරන බවයි.

මැතිවරණයෙන් පසු ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම වන වාමාංශික සන්ධානය අගමැති අපේක්ෂකයෙකු ලෙස ලුසී කැස්ටෙස් ඉදිරිපත් කළා.

ඉන් පසුවයි ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ.

පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පාලක මධ්‍යවාදී පක්ෂයට දැඩි පරාජයක් අත්වුණා.

අගමැති ගේබ්‍රියෙල් ඇටල් ද ඉල්ලා අස්වුණා.

එහෙත් නව රජයක් පත් කරන තුරු භාරකාර ආණ්ඩුවක ස්වරූපයෙන් සිටීමට ඔහු ඇතුළු පිරිස එකඟතාව පළ කළා.

ප්‍රංශ සම්ප්‍රදායට අනුව ජනාධිපතිවරයා ජාතික සභාවේ බහුතර බලයක් ලබා ගත හැකි අගමැතිවරයෙකු පත් කරනු ලබනවා.

එහෙත් මේ වනවිට කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිව නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *