Sat. Jun 28th, 2025

මෝදිගේ නව රජයේ පළමු කැබිනට් රැස්වීමේ ගත් තීරණ

Jun11,2024

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ නව රජයේ පළමු කැබිනට් රැස්වීම ඊයේ පැවැත්වුණා.

පැවති පළමු කැබිනට් රැස්වීමේ දී දුෂ්කර හා නාගරික ප්‍රදේශවල දුගී ජනතාව සදහා නිවාස කෝටි තුනක් ඉදිකිරීමට වන සැලැස්ම සදහා අනුමැතිය හිමි වී තිබෙනවා.

එමෙන්ම ගොවීන් කේටි 9කට අධික පිරිසකට ඉන්දියානු රුපියල් කෝටි 20000ක් ලබාදීම සදහා වන යෝජනාවට ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අත්සන් තබා තිබෙනවා.

දිල්ලි අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී කැබිනට් රැස්වීම පැවති අතර ඒ සදහා දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු 30 දෙනා සහභාගි වී සිටියා.

කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනාට අමතරව රාජ්‍ය ඇමතිවරුන් 5 දෙනෙකු හා කණිෂ්ඨ අමාත්‍යවරුන් 36 දෙනෙකු දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *