Sat. Jun 28th, 2025

හජ් වන්දනාවේ ගිය 550 දෙනෙක් ජීවිතක්ෂයට

Jun19,2024

මෙවර හජ් වන්දනාවට සහභාගී වූ බැතිමතුන් 550 දෙනෙකු පමණ අධික උෂ්ණත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් නිවේදනය කරනවා.

මක්කමේ වන්දනාවේ යෙදුනු බැතිමතුන් අතරින් මිය ගිය පිරිසට ඊජිප්තු ජාතිකයින් 320 දෙනෙකු අයත් බවයි වාර්තා වන්නේ.

ජෝර්දාන ජාතිකයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

අතුරුදන් වූ සියයක පමණ පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

එමෙන්ම 2000 කට අධික පිරිසක් අධික උෂ්ණත්වය හේතුවෙන් හටගත් රෝගයන්ට ප්‍රතිකාර ලබන බවද සෞදි බලධාරීන් නිවේදනය කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *