Sun. Jun 29th, 2025

15වැනි ගිම්හාන ඩාවෝස් සංසදය ඇර‍ඹේ

Jun25,2024

තෙදිනක් පුරා පැවැත්වෙන 15වැනි ගිම්හාන ඩාවෝස් සංසදය අද(25) ඊසානදිග චීනයේ Dalian නගරයේ ආරම්භ වුණා. එයට රටවල් හා කලාප 80ක පමණ නියෝජිතයින් 1600කට වැඩි පිරිසක් සහභාගි වී සිටිනවා.

“අනාගත වර්ධනය සඳහා නව ප්‍රවණතා” එහි ප්‍රධාන තේමාවයි.

ලෝක ආර්ථික වර්ධනය සඳහා නව ගාමක බලවේග සහ නව මාර්ග විමසා බැලීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

ගිම්හාන ඩාවෝස් සංසදය ජාත්‍යන්තර හුවමාරු සඳහා වේදිකාවක් ගොඩනගා ඇති අතර, සෑම කෙනෙකුටම චීනයේ සංවර්ධනය පිළිබඳව සමීපව අවබෝධ කරගැනීමට අවස්ථා ලබා දී තිබෙන බවයි එහි සංවිධාකයින් ප්‍රකාශ කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *