එළිමහන් ස්ථානවල දුම්පානය කිරීම බ්‍රිතාන්‍ය රජය විසින් තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළිමහන් අවන්හල් සහ එළිමහන් මත්පැන්හල් ද දුම්පානයෙන් තොර කලාප බවට පත් වෙනු ඇති.
දුම්කොළ භාවිතය නිසා සිදු වන මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම සහ දුම්පානය හරහා ජාතික රෝහල් සේවය මත පැටවෙන අධික මුදල් බර අවම කර ගැනීම මෙම තීරණයේ අරමුණ වී ඇතැයි වාර්තා වෙනවා.
බ්‍රිතාන්‍යයේ තුන් වන චාල්ස් රජු පසුගිය දා එරට නව පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කරමින් පාර්ලිමේන්තුවට ගෙන ආ දුම්පානය අවම කිරීමේ පනත් කෙටුම්පත යළි වත්මන් රජයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව ද වැඩි දුරටත් වාර්තා වෙනවා.