බංගලාදේශ අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ ෂෙයික් හසීනා ඇති වූ කළකිරීම හේතුවෙන් දේශපාලනයෙන්ද සමුගැනීමට තීරණය කර ඇති බව ඇයගේ පුත් සජීබ් වසේඩ් ජෝයි පවසනවා.
පසුගිය සඳුදා දක්වා සජීබ්, අගමැතිවරියගේ නිල උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර ඉතා දරීද්රතාවයෙන් පෙළුණු රටක් ලෙස තිබූ බංග්ලාදේශය, ආසියාවේ සීග්රයෙන් දියුණුවන ආර්ථිකයක් කරා මෙහෙයවීමට ෂෙයික් හසීනාට හැකි වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.
ඉරිදා සිට ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ දැයි කල්පනා කරමින් සිටි බවයි ඔහු කියා සිටියේ.
ඊයේ (05) අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී සිය ආරක්ෂාව සඳහා රටින් පිටව ගිය ඇය සිය දේශපාලන දිවියෙන් විශ්රාම ගන්නා බවයි ඔහු පැවසුවේ.