Sat. Jun 28th, 2025

ෂාරුක් පුතා කරපු ලස්සන වැඩේ

Aug2,2024

බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්, සිය මව සහ පියා වරක් ජීවත්වූ දිල්ලි නගරයේ සුඛෝපභෝගී මහල් නිවාසයක මහල් දෙකක් ඉන්දීය රුපියල් කෝටි 37 ක වියදමින් මිලදී ගෙන ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා

ඒ සඳහා ආර්යන් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 2.64 ක මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවා ඇති බවද එම පුවත්පත සඳහන් කර තිබෙනවා

ෂාරුක් ඛාන් සිය රංගන දිවියේ මුල් අවධියේදී ගෞරි ඛාන් සමඟ මෙම ගොඩනැගිල්ලේ ජීවත්ව ඇති බවත් ආර්යන් ඛාන් මිලදී ගත් මහල් දෙක ගෞරි ඛාන් ඇයගේ අතින් අලංකාර කර ඇති බවත් සඳහන්

මෙම මහල් නිවාසයේ පහත මහල් දෙකේ අයිතිය ෂාරුක් ඛාන් සතු වන බවද එම පුවත්පත පෙන්වා දී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *