Sat. Jun 28th, 2025

හජ් වන්දනාවට ගොස් මියගිය ගණන 1,300 ඉක්මවයි

Jun24,2024

හජ් උත්සවය අතරතුර පුද්ගලයින් 1,301 ක් දෙනෙකු මිය ගොස් ඇති බව සෞදි අරාබිය පවසනවා.

අධික උෂ්ණත්වයක් යටතේ දිගු දුර ප්‍රමාණයක් ගමන් කළ අනවසර වන්දනාකරුවන් බොහෝ පිරිසක් මෙලෙස මිය ගොස් තිබෙනවා.

ඇතැම් අවස්ථාවලදී මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක අගයක් ගෙන තිබුණා.

මියගිය අයගෙන් හතරෙන් තුනකට වැඩි පිරිසකට එහි රැඳී සිටීමට නිල බලපත්‍ර නොතිබූ බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් ඔවුන්ට නවාතැන් ගැනීමට ස්ථාන පවා නොමැතිව හිරු එළියට අධික ලෙස නිරාවරණය වීම නිසා තාප ආඝාත තත්ත්වයට පත්ව මිය ගොස් තිබෙනවා.

මියගිය අයගෙන් සමහර පිරිස් වයෝවෘද්ධ හෝ නිදන්ගත රෝගාතුර වූවන් වනවා.

ලක්ෂ 50ක වන්දනාකරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර 140,000 කට වැඩි පිරිසක් තවමත් රෝහල්ගතව සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *