රුසියානු ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ 41 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යුක්රේනයේ කාර්කිව් නගරයට රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලිනුයි පුද්ගලයින් 41 දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇත්තේ.
තුවාල ලැබූවන් අතර ළමයින් පස් දෙනෙකු ද සිටිනවා. ගුවන් ප්‍රහාර වලින් හානියට පත් ගොඩනැගිලි අතර සුපිරි වෙළඳසැලක් හා ක්‍රීඩා සංකීර්ණයක් ද වනවා.
රුසියා ගුවන් ප්‍රහාර වල අරමුණ නගරයේ සිවිල් යටිතල පහසුකම් අඩාල කිරීම බවයි කාර්කිව් නගරාධිපතිවරයා පවසන්නේ.
මෙම ප්‍රහාරයෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා බටහිර රටවලින් ඉල්ලා සිටියේ රුසියාවෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සියල්ල ලබා දෙන ලෙසයි.
බැලැස්ටික් මිසයිල භාවිත කරමින් රුසියාව යුක්‍රේනයට ප්‍රහාර 10ක්වත් එල්ල කර ඇති බව ඔහු කියා සිටිනවා.
මේ අතර රුසියා ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ යුක්‍රේන ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් විනාශ කළ බවයි.