Tue. Jun 24th, 2025

ලැව් ගිනි නිසා ග්‍රීසියේ ගම්මාන අටක ජනතාව ඉවත් කරයි

Aug12,2024

ඇතන්ස් නගරය ආසන්නයේ ලැව්ගිනි පැතිර යාමත් සමග ග්‍රීසියේ රෝහල් හා නිවාස වල ජනතාව ඉවත් කර තිබෙනවා.

ගම්මාන අටක ජනතාව සියගණනක් මෙසේ ඉවත් කිරීමට එරට ගිනි නිවන හමුදාව පියවර ගත්තා.

ගිනි නිවීම සඳහා ගිනි නිවන භටයින් 510 ක් හා ගිනි නිවන රථ 152 ක් යොදවා තිබෙනවා.

එමෙන්ම ගුවන් යානා 29 ක් පිටත් කර හැරුණා. අගමැති කිරියාකෝස් මිට්සොටාකිස් ඔහුගේ නිවාඩුව ද අවලංගු කර ඇතන්ස් වෙත ආපසු පැමිණියා.

ගතවූ පැය 24 තුළ ඇති වූ ලැව්ගිනි 40 න් 33 ක්ම ගිනි නිවන භටයින් නිවා දමා තිබෙනවා.

ඇතන්ස් සිට කිලෝමීටර් 40ක් නැගෙනහිරින් පිහිටි ඓතිහාසික මැරතන් නගරයේ පදිංචිකරුවන් ද ඊයේ ඉවත් කිරීමට නියෝග කෙරුණා.

ග්‍රීසිය එහි උණුසුම්ම කාලගුණයට මුහුණ දෙන්නේ ජුනි ජූලි මාස වලයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *