Sun. Jun 29th, 2025

ඉම්රාන්ගේ පීටීඅයි පක්ෂය තහනම් ?

Jul16,2024

පාකිස්තාන රජය හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය තහනම් කිරීමට සුදානම් වනවා.

පීටීඅයි පක්ෂය රාජ්‍ය විරෝධී ක්‍රියාවන් වල නිරතවන බවටයි පාකිස්තාන ප්‍රවෘත්ති අමාත්‍යවරයා සදහන් කළේ.

පීටීඅයි පක්ෂය තහනම් කිරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු ගොනුකරන බව ඔහු පවසනවා.

ඊට අවශ්‍ය සියලු සාක්ෂි තමන් සතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

පසුගිය වසරේ පාකිස්තානය තුළ ප්‍රචන්ඩකාරී විරෝධතා පැවැත්වීම හා රජයේ රහසිගත තොරතුරු හෙළි කිරීම ඇතුලු චෝදනා රැසකට පීටීඅයි පක්ෂය වගකිව යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව තිබු සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීම හෝ ඇප ලබාදීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට පියවර ගෙන තිබෙනවා. එවන් පසුබිමකයි රජය පීටීඅයි පක්ෂය තහනම් කිරීමට සැලසුම් කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *