නේපාලයේ නායයෑමෙන් පාරක් ගිලා බැස එහි ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් Trishuli ගංගාවකට පෙරළිමෙන් මගීන් 65 දෙනෙකු පමණ අතුරුදන් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එක් බස් රථයක මගින් 24 දෙනෙකු ගමන් කර ඇති අතර, අනෙක් බස් රථයේ මගීන් 41 දෙනෙකු ගමන් කර ඇති බවයි
කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා
නායයෑමට හසු වූ බස් රථ සහ එහි සිටි මගීන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා කර තිබෙනවා.