Sat. Jun 28th, 2025

රස්නේ උහුලන්න බැරුව පාකිස්ථානයේ 500 කට වැඩි පිරිසක් මිය යයි

Jun27,2024

අධික උණුසුම හේතුවෙන් පාකිස්ථානයේ 500 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

පාකිස්ථානයේ ඊදි ගිලන්රථ සේවය පවසන්නේ පසුගිය දින කිහිපයේ එක්දිනකට මලසිරුරු 30ත් 40 ත් අතර සංඛ්‍යාවක් කරච්චි නගරයේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගිය බවයි.

පසුගිය දින 06 තුළ පමණක් මල සිරුරු 568 ක් මෘතශරීරාගාර වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති අතර ආද්‍රතාවයේ බලපෑම හේතුවෙන් ශරීරයට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 ක් තරම් ඉහළ අගයක් ගෙන තිබෙනවා.

බොහෝ පිරිසක් තාප ආඝාත තත්ත්වය හේතුවෙනුයි මිය ගොස් ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *