ඉතියෝපියාවේ සිදුවූ නායයාම් හේතුවෙන් පුද්ගලයින් 150කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
දකුණු දිග ඉතියෝපියාවේ සිදුවු නායයෑම් දෙකකිනුයි මෙම පිරිස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ. 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ඉතියෝපියා රජය අනතුරු අඟවනවා.
නායයාමට ලක්වු ප්‍ර දේශයේ පස් තට්ටුවට තවත් විශාල පිරිසක් යටවී ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.
මළ සිරුරු සහ ජිවත්ව සිටින පිරිස් සොයා මේ වන විට මෙහෙයුම් සිදුකෙරෙනවා.
සහන කටයුතු සදහා සිය ගණනක පිරිසක් එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.