සියලුම රටවල් සමඟ සමීපව කටයුතු කිරීම ඉන්දියාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්තිය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.
දශක ගණනාවක් පුරා ඉන්දියාව බොහෝ රටවල් සමඟ දුරස්ථව කටයුතු කළ බවත් දැන් එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී, ඉන්දියාව සියල්ලන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකශ කර තිබෙනවා.
පෝලන්ත සංචාරයක් අතරතුර ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර ඉන්දී අග්‍රමාත්‍යවරයෙකු පෝලන්තයේ සංචාරයක නිරත වී තිබුණේ දශක 04කට පසුවයි.