ඉන්දියාවේ උතුරු සහ මධ්‍යම ප්‍රදේශවල ප්‍රාන්ත කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, රාජස්තානයේ චුරු සහ හර්යානා ප්‍රාන්තයේ සර්සා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇත.
දිල්ලි නගරයේ කාලගුණ මධ්‍යස්ථාන තුනක උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 හෝ ඊට වැඩි වශයෙන් වාර්තා වී තිබේ. දිල්ලිහි මුංගේෂ්පූර් සහ නරේලා ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.9ක් වන අතර, නජාෆ්ගාර්හි සෙල්සියස් අංශක 49.8ක් බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි