ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළේ ගුවන් ගමන් රැසක් අත්හිටුවා තිබෙනවා.
දේශගුණික විරෝධතාකරුවන් ගුවන් ධාවන පථ අවහිර කිරීම ඊට හේතුවයි.
ජර්මනියේ දේශගුණ ක්‍රියාකාරීන් ෆොසිල ඉන්ධන භාවිතයට එරෙහිව විරෝධතා පවත්වනවා.
ඔවුන් ගුවන් ධාවන පථ ද අවහිර කරමින් උද්ඝෝෂණය කරන්නේ ෆොසිල ඉන්ධන භාවිතයට විරෝධය පළ කරමින්.
ලොව කාර්යබහුල ගුවන් තොටුපළක් වන ෆ්‍රැන්ක්ෆර්ට් හරහා මිලියන 60කට ආසන්න මගීන් පිරිසක් භාවිත කර තිබෙනවා.
යුරෝපයේ ගුවන් තොටුපළ රැසක මෙවැනි විරෝධතා පැවැත්වුණා. නෝර්වේ / ස්පාඤ්ඤය / ෆින්ලන්තය ආදී රටවල ද ගුවන්තොටුපළ ආශ්‍රිතව මෙම විරෝධතා පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.