අප්‍රිකාවට අයත් මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරට පත් වෙද්දී, උප ජනාධිපති සවුලෝස් චිලිමා ඇතුළු තවත් 9 දෙනකු ගුවන් යානයේ සිට ඇති බව සඳහන්.
අනතුරට පත් වූයේ මලාවි හමුදාවට අයත් ගුවන් යානයක් බවයි සඳහන් වන්නේ
යානය අනතුරට පත්වූයේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත්, ඒ ගැන විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බවත් මලාවි මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා