Mon. Jun 30th, 2025

ජෝ බයිඩෙන් ජනපති සටනින් ඉවත් වෙයි

Jul22,2024

එළඹෙන ඇමරිකා ජනාධිපතිවරණයේ ඩිමෝක්‍රටික් අපේක්ෂකයා ලෙස කමලා හැරිස් යෝජනා කර තිබෙනවා.

2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් තමා ඉවත් වන බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් X සටහනක් තබමින් ප්‍රකාශ කළා.

තැනගෙන පසු ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස්ට සහාය දක්වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ කොන්ග්‍රස් සාමාජිකයින්, ආණ්ඩුකාරවරුන් හා නිලධාරීන් කමලා හැරිස් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීම අනුමත කර තිබෙනවා.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමග පසුගිය මාසයේ පැවති විවාදයෙන් පසු බොහෝ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් 81 හැවිරිදි බයිඩෙන් ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් විය යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ජෝ බයිඩෙන් පවසන්නේ තම ධූර කාලයෙහි ඉතිරි මාස 6ක කාලය සේවය කිරීමට තමා සුදානම් බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *