Mon. Jun 30th, 2025

ජපාන අගමැති ඉල්ලා අස්වන බව නිවේදනය කරයි

Aug14,2024

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වන බව නිවේදනය කළා.

ලබන මාසයේ පැවැත්වෙන පක්ෂ අභ්‍යන්තර මැතිවරණයේදී ෆුමියෝ කිෂිඩා පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස නැවත තේරී පත් නොවනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ටෝකියෝ හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිෂිඩා පැවසුවේ පක්ෂ නායකත්වයට නව මුහුණුවරක් ලබා දීමට කාලය පැමිණ ඇති බවයි.

නව නායකත්වයට තමා සම්පුර්ණයෙන්ම සහාය දෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම තමන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව ඔහු කියා සිටියා.

කිෂිඩා පසුගිය 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී තුන් අවුරුදු ධුර කාලයක් සඳහා පක්ෂ සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර ඉන් ටික කලකට පසු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර අගමැතිධුරයට පත්වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *