දකුණු අප්රිකා හිටපු ජනාධිපති ජේකබ් සූමා එරට විපක්ෂයට එක්වන බව ප්රකාශ කළා.
දකුණු අප්රිකා හිටපු ජනාධිපති ජේකබ් සූමා පවසා ඇත්තේ ඔහුගේ දේශපාලන පක්ෂය වන එම්.කේ. පක්ෂය එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ සන්ධානයට එක්වන බවයි.
එය අප්රිකා ජාතික කොංග්රසය ප්රමුඛ පාලන සභාගයට එරෙහිව ක්රියා කරන බව ඔහු පැවසුවා.
වර්ණභේදවාදය අවසන් වීමෙන් පසු ප්රථම වතාවට අප්රිකා ජාතික කොන්ග්රසයට සම්පූර්ණ බහුතරය මෙවර මැතිවරණයේදී අහිමි වුණා.
පසුව කුඩා පක්ෂ කිහිපයක් ද එකතු වී නව ජනාධිපතිවරයා ලෙස සිරිල් රමපෝසා තේරී පත්වුණා.
එහෙත් ඔහු තවමත් රජයක් පිහිටුවා නැහැ.