Sun. Jun 29th, 2025

බංග්ලාදේශය ඇවිලෙයි – 90 දෙනෙකු මරුට

Aug5,2024

ඊයේ සිට යළිත් ආරම්භ වී ඇති බංග්ලාදේශ විරෝධතා අතරතුර 90 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බංග්ලාදේශ පොලිසිය හා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 90 දෙනෙකු මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා.

අගමැතිනි ෂීක් හසීනාට ඉවත් වන ලෙස බලකරමින් ශිෂ්‍ය හා සිවිල් ව්‍යාපාර නායකයින් මෙම උද්ඝෝෂණ සංවිධාන කළා.

මියගිය අය අතර පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ද වනවා.

රටපුරා ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා දින නියමයක් නොමැතිව බංග්ලාදේශයට තවදුරටත් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

මෙම ශිෂ්‍ය විරෝධතා පසුගිය ජූලි මාසයේ සිටයි ක්‍රියාත්මක වන්නේ.

එරට රැකියා සඳහා යුද්ධයට සම්බන්ධ වූ අයගේ පවුල් සඳහා ලබා දෙන කෝටාව අහෝසි කරන ලෙස ඉල්ලා ආරම්භ වූ උද්ඝෝෂණ පසුව රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් බවට පරිවර්තනය වුණා.

මේ වන විට විරෝධතා හේතුවෙන් මියගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 280ක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *