මාලදිවයිනේ ඩොලර් සංචිත අවසන් වී ඇති බව වාර්තා වනවා.
මාලදිවයින් ඉතිහාසයේ සංචිත සෘණ අගයකට වැටුණු පළමු අවස්ථාව ද මෙයයි.
මාලදිවයිනේ මුදල් අධිකාරිය එරට මුදල් අමාත්‍යාංශයට අනතුරු ඇඟවීමේ ලිපියක් යවා දින කිහිපයකට පසුවයි මෙම තොරතුරු වාර්තා වුයේ.
එරට භාවිත කළ හැකි ඩොලර් සංචිත අවසන්වෙමින් පවතිද්දි එරට හිටපු මුදල් අමාත්‍ය ඊබ්‍රහිම් අමීර් කියා සිටියේ එරට නව ආර්ථික ප්‍රතිපත්ති මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
මාලදිවයිනේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරයයි.
මාලදිවයිනේ පැවති රජය ඉන්දීය හිතවාදී ප්‍රතිපත්තියක් ගෙන ගිය අතර වත්මන් රජය චීන හිතවාදී ප්‍රතිපත්තියක් ගෙන යාමේ තත්ත්වයක් තුළ ඉන්දීය සංචාරකයන් මාලදිවයිනට නොගොස් ශ්‍රී ලංකාවට පැමිණිමේ නැඹුරුවක් දක්නට ලැබෙනවා.
සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමෙන් ඩොලර් සංචිත සෘණ අගයකට වැටීම තුළ ඩොලර් මිලියන 25 ක තෙල් මිල ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් පවතින බවයි මාලදිවයින වාර්තා සඳහන් කරන්නේ.
පසුගියදා මාලදිවයින බැංකුව කාඩ්පත් මගින් විදේශ රටවල් සමඟ කෙරෙන ඩොලර් ගණුදෙනු ද නතර කළා.
කලින් නිකුත් කර ඇති ක්‍රෙඩිඩ් කාඩ්පත් සීමාව ද ඩොලර් සියය දක්වා අඩුකර තිබෙනවා.
මාලදිවයින මෙම තත්ත්වයට පත්වීම ගැන හිටපු මුදල් අමාත්‍යවරයා පවසන්නේ කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයකින් තොරව දේශපාලන අරමුණු සඳහා අවශ්‍ය තරම් සේවකයන් බඳවාගෙන ඔවුන්ට ඉහළ වැටුප් ලබා දී වැරදි කළමනාකරණය මීට හේතුවී ඇති බවයි.
මේ අතර ජනාධිපති මොහොමඩ් මුයිසු බලයෙන් පහ කිරීමට කර ඇති උත්සහයක් පිළිබද එරට පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
පවතින තත්ත්වය මත වියදම් පාලනය කිරීමට ජනාධිපතිවරයා ගත් ජනප්‍රිය නොවන තීන්දු තීරණ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.