ගාසා තීරයේ නුසෙයිරාට් අවතැන් කඳවුරට ඊශ්රායලය සතියක් තුළ 63 වතාවක් ප්රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.
මෙම ප්රහාර වලින් පලස්තීනුවන් 91 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් 251 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඇනහිට ඇති ප්රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන පිලිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම වෙනුවෙන් සිය කණ්ඩායම පිටත් කර හරින බවයි.
එම නියෝජිත පිරිසේ ගමනාන්තයක් මෙතෙක් සඳහන් කර නැහැ.
ඊශ්රායලය ගාසා තීරයට එල්ල කළ ප්රහාර වලින් මේ වන විට පුද්ගලයන් 38,983දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් 89,727දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.