හමාස් හමුදා ප්රධානියා ගුවන් ප්රහාරයකින් මිය ගිය බව ඊශ්රායලය පවසනවා.
හමාස් හමුදා ප්රධානී මොහොඩ් ඩීෆ් පසුගිය මාසයේ ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්රහාරයකින් මිය ගිය බව ඊශ්රායල හමුදාව නිවේදනය කර තිබෙනවා. හමාස් නායකයාගේ ඝාතනයෙන් දිනකට පසුව ඊශ්රායලය මේ බව නිවේදනය කිරීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් හමාස් සංවිධානය ඔහුගේ මරණය තහවුරු කර නැහැ. ඊශ්රායලය පවසන්නේ. 1200කට මරු කැඳවමින් දකුණු ඊශ්රායලයේ ඔක්තෝබර් 07 ප්රහාරයේ වගකිවයුත්තා මොහොමඩ් ඩීෆ් බවයි.