Mon. Jun 30th, 2025

ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයකට අයි.එස්. තර්ජනයක්

Aug9,2024

සුප්‍රසිද්ධ ඇමරිකානු ගායිකාවක වන ටේලර් ස්විෆ්ට් ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට අයි.එස් සංවිධානය සූදානම්ව සිටින බවට එරට පොලිසිය තොරතුරු අනාවරණය කර ගැනීමත් සමග ඇයගේ සංගීත ප්‍රසංග මාලාවම අවලංගු කර දැමීමට ඔස්ට්‍රියානු බලධාරීන් කටයුතු කර තිබෙනවා.

වියානා නුවර අර්නස්ට් හැපල් ක්‍රීඩාංගනයට අයි.එස් ත්‍රස්තයන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් ඒ හේතුවෙන් ස්විෆ්ට් වියනා නුවර පැවැත්වීමට අදහස් කර තිබූ සංගීත ප්‍රසංග ත්‍රිත්වය අවලංගු කිරීම හැර වෙන විකල්පයක් නොතිබූ බවත් ඔස්ට්‍රියානු පොලිසිය ප්‍රකාශ කළා

ලැබුණු බුද්ධි තොරතුරක් මත අන්තවාදීන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවත් එක් අන්තවාදීයකු සතුව තිබී ප්‍රහාරයක් සඳහා යොදා ගත හැකි රසායනික ද්‍රව්‍ය සොයාගත් බවත් ඔස්ට්‍රියානු පොලිසිය කියා තිබෙනවා

රසායනික ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් අන්තවාදියගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා සම්බන්ධ කණ්ඩායම වියනා නගරයේ පැවැත්වීමට නියමිත ප්‍රධාන උත්සවයකට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් කර ඇති බවට අනාවරණය වූ බවයි ඔස්ට්‍රියානු පොලිසිය සඳහන් කර ඇත්තේ.

අත් අඩංගුවට ගනු ලැබ ඇත්තේ 17 සහ 19 වයස්වල පසුවන ඔස්ට්‍රියානු ජාතික තරුණයන් දෙදෙනකු බවත් ඔවුන් දෙදෙනා කුඩා කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනකු බවත් ඔස්ට්‍රියානු පොලිසිය ප්‍රකාශ කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *