Fri. May 2nd, 2025

බ්‍රසීලයේ එක්ස් තහනම්

බ්‍රසීලය තුළ එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය වහාම අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එක්ස් මාධ්‍ය ජාලය සඳහා නීත්‍යානුකූල නියෝජිතයෙකු පත් කිරීම එහි හිමිකරු වන එලොන් මස්ක් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තීන්දුව ගෙන තිබෙනවා.

ඉදිරි දිනය තුළ බ්‍රසීලයේදී එක්ස් සමාජ මාධ්‍ය ජාලය භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම අවහිර කරන ලෙසත් vpn තාක්ෂණය යොදාගෙන එක්ස් භාවිතා කරන්නන්ට බ්‍රසීල රියාල් 50,000ක දඩයක් නියම කරන ලෙසත් අධිකරණය වැඩි දුරටත් නියෝග කළා.

කෙසේ වුවත් එලොන් මස්ක් සහ බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති ඇලෙක්සැන්ඩ්‍රේ මොරායස් අතර මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ගැටුම් පැවතුණා.

මෙම තීන්දුවට ප්‍රතිචාර දක්වමින් මස්ක් ප්‍රකාශ කර තිබුණේ බ්‍රසීලයේ ව්‍යාජ දේශපාලන විනිසුරුවරයෙකු විසින් භාෂණයේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් සිටින බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *