Sat. Jun 28th, 2025

ඉන්දීය මහා ව්‍යාපාරික රතන් ටාටා මිය යයි!

Oct10,2024 #2024 #news

ඉන්දියාවේ ප්‍රබලතම ව්‍යාපාරිකයෙකු වූ රතන් ටාටා දිවි ගමන නිම කර තිබෙනවා.

මුම්බායිහි පෞද්ගලික රෝහලකදී ඔහු මිය යන විට 86 වැනි වියේ පසු වුණා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝදි එක්ස් සටහනක් තබමින් සොව පළ කර තිබුණා.

ශූර ව්‍යාපාරික ඥානයකින් හෙබි රතන් ටාටා ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාර ජාලයක් ගොඩ නගා එය ලොව පුරා ව්‍යාප්ත කරනු ලැබුවා. මිය යන විට ඔහුගේ ටාටා සමාගමේ වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 100 ඉක්මවා තිබු බව සඳහන් වෙනවා. Tata Motors (incorporating Jaguar and Land Rover), Tata Steel, Tata Consultancy Services, Tata Power, Tata Global Beverages, Tata Chemicals, Indian Hotels (better known as Taj Hotels Resorts and Palaces) and Tata Teleservices විශාල ව්‍යාපාර ප්‍රමාණයක් ටාටා විසින් ගොඩ නගනු ලැබ තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *