Sat. Jun 28th, 2025

ඉන්දියාව ඩ්‍රෝන මෙහෙයුමක් අරඹයි

Jun10,2024

ජම්මු හි වන්දනාකරුවන් රැගෙන යමින් සිටි බස් රථයකට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදීන් සෙවීමට ඉන්දියාව ඩ්‍රෝන මෙහෙයුමක් අරඹා තිබෙනවා.

ජම්මු හා කාශ්මීරයේ රියාසි දිස්ත්‍රික්කයේ බැතිමතුන් පිරුණු බස් රථයකට ඊයේ ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කළා.

එම ප්‍රහාරයත් සමග බස් රථය කඳු සහිත ප්‍රදේශයකින් පහළට පෙරලීමෙන් නව දෙනෙකු මිය ගොස් මගීන් 33 දෙනෙකු තුවාල ලැබුවා.

ප්‍රහාරයට පාකිස්තාන ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු සම්බන්ධ බවට විශ්වාස කෙරෙනවා.

ඔවුන් රාජෝරි, රියාසි සහ පූන්ච් හි ඉහළ ප්‍රදේශවල සැඟවී සිටින බවට විශ්වාස කෙරෙනවා.

මේ වනවිට ඩ්‍රෝන යානා යොදා ගනිමින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බව ප්‍රාන්ත පොලිස් නිලධාරීන් වාර්තා කරනවා.

ඇමරිකාවේ නිෂ්පාදිත ප්‍රහාරක රයිෆල් ප්‍රභේදයක් වන M4 කාබයින් භාවිතා කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *