ප්‍රංශ මැතිවරණයෙන් එරට වාමාංශික සන්ධානය ඉදිරියෙන් සිටිනවා.
ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික රැළි පක්ෂය එරට පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරයක් දිනා ගැනීමට අසමත් වුණා.
නිකුත් වී ඇති නිල ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ වාමාංශික නව ජනතා පෙරමුණ ඇතුළත් සන්ධානය ජයග්‍රහණය කර ඇති බවයි.
ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යවාදී එන්සෙම්බල් සන්ධානය දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
තුන්වන තැන හිමිව ඇත්තේ ජාතික රැළි පක්ෂයටයි.
කෙසේ වෙතත් එම්මානුවෙල් මැක්‍රොන් මේ පිළිබඳ ප්‍රකාශයක් සිදු කර නැහැ.
ප්‍රංශ මැතිවරණයේ දෙවැනි අදියර වන මෙය වෙනුවෙන් ප්‍රංශය පුරා පොලිස් නිලධාරින් 30,000ක් යොදවා තිබූ අතර, මැතිවරනය පැවැත්වුණේ නොසන්සුන් වාතාවරණයක් තුළයි.