යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් ඊට දැඩි හානි සිදුව තිබේ.
ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබේ.
තුවාල ලැබූවන් අතර ළමුන් දෙදෙනෙකු සහ ගර්භනී කාන්තාවක් ද සිටින බවයි ඔඩෙසා ප්‍රාදේශීය ආණ්ඩුකාර ‘ඔලේ කිපර්’ ප්‍රකාශ කර ඇත්තේ.
එම ප්‍රහාරයෙන් සුනඛයෙකුද මියගොස් තිබෙනවා.
හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි අදාළ නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර ඇති අතර එය යුක්‍රේන ජනතාව අතර ප්‍රකටව ඇත්තේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙසයි.
ප්‍රහාරයෙන් එම මන්දිරය මුළුමනින්ම ගිනි ගෙන ඇති අතර අසළ නිවාස කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.
ගින්න මැඩ පැවැත්වීම සඳහා බලධාරීන් උපරිම වෙහෙසක් දරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.