Mon. Jun 30th, 2025

යුක්රේනයට දෙන යුද ආධාර ගැන ජර්මනිය තීරණයක් ගනී

Jul19,2024

යුක්රේනයට ලබා දෙන යුද ආධාර අඩකින් අඩු කිරීමට ජර්මනිය සැලසුම් කර තිබෙනවා.

ජර්මන් රජයේ අයවැයට අනුව ලබන වසරේ යුක්රේනය සදහා යුරෝ බිලියන 8 සිට බිලියන 04 දක්වා අඩු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එක්සත් ජනපදයට පසුව යුක්රේනයට වැඩිම යුද ආධාර ප්‍රමාණයක් සැපයුවේ ජර්මනියයි.

කෙසේ වෙතත් නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුවහොත් එම අරමුදල් කප්පාදු කිරීමට හෝ නැවැත්වීමට ඉඩ ඇති බවට යුරෝපා විශේෂඥයන් මත පළ කරනවා.

යුක්රේනයට යුද ආධාර අඩු කිරිමේ කරුණු ඇතුලත් අයවැය කෙටුම්පත ජර්මානු රජය ඊයේ අනුමත කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *