Mon. Jun 23rd, 2025

ඉතාලි පාර්ලිමේන්තුවේ වලියක්

Jun14,2024

ඉතාලි පාර්ලිමේන්තුවේදී සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසුව එක් විපක්ෂ මන්ත්‍රීවරයකුට රෝද පුටුවක් ආධාරයෙන් පාර්ලිමේන්තුවෙන් පිටවී ගොස් රෝහල් ගතවීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක් සම්බන්ධ විවාදයක් උණුසුම් වීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී ඇති බව සඳහන්.

ඉතාලියේ පළාත් සඳහා වැඩි බලතල ලබාදීමට ගෙන ආ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති එම විවාදය උණුසුම් වීමත් සමඟ ෆයිව් ස්ටාර් මුව්මන්ට් පක්ෂයේ ලියනාඩෝ ඩොනෝ දක්ෂිණාංශික ලීග් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය රොබර්ටෝ කැල්ඩෙරෝලි වෙත ගොස් ඔහුගේ මුහුණට ඉතාලි කොඩිය එල්ල කිරීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී ඇති බවයි සඳහන් වන්නේ.

දෙදෙනා අතර ගැටුම සමථයකට පත් කිරීමට පාර්ලිමේන්තු නිලධාරීන් දෙදෙනකු උත්සාහ දරා ඇතත් ඔවුන් අපොහොසත් වී ඇතැයි ඉතාලි මාධ්‍ය සඳහන් කළා.

අනතුරුව එම ගැටුමට තවත් පක්ෂ කීපයකට අයත් පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කරනවා .

ගැටුමෙන් දරුණු ලෙස පහර කෑ ලියනාඩෝ ඩොනෝට අවසානයේ රෝහල්ගත වීමටද සිදුවූ බවයි ඉතාලි මාධ්‍ය පෙන්වා දුන්නේ..

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *