ළමා ලිංගික ජාවාරම් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බලගතු දේවගැතිවරයෙකු සොයා පොලිස් නිලධාරීන් දහස් ගණනක් පුළුල් ආගමික පරිශ්‍රයක් මතට පැමිණීමත් සමඟ පිලිපීනයේ ගැටුමක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
තමන්ව “පත්කළ දෙවියන්ගේ පුත්‍රයා” ලෙස හඳුන්වන ඇපලෝ ක්විබෝලෝයි සොයා ගන්නා තුරු ඔවුන් පිටව නොයන බවයි පිලිපීන පොලීසිය ප්‍රකාශ කර තිබෙන්නේ .
බලධාරීන් මාස ගණනාවක් තිස්සේ මෙම අපරාධකරුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවද වාර්තා වෙනවා .