Sat. Jun 28th, 2025

ලැව්ගින්නෙන් බේරෙන්න දිව්ව පුද්ගලයා හෘදයාබාධයක් සෑදී මියයයි

Jul1,2024

ග්‍රීසියේ ප්‍රදේශ ගණනාවක ඇතිව තිබෙන ලැව්ගිනි නිවීම සඳහා ගිනි නිවන භටයින් දැඩි පරිශ්‍රමයක නිරත වනවා.

ගිනි නිවන භටයින් ඊයේ සවස් වනතුරුම ග්‍රීක අගනුවර වන ඇතන්ස් අසල ලැව්ගිනි නිවා දැමීම සඳහා දැඩි වෙහෙසක නිරත වුණා.

ග්‍රීසිය මේ වනවිට ග්‍රීෂ්ම සෘතුවට මුහුණ දෙමින් සිටිනවා.

එමෙන්ම තාප තරංග වලට ද මුහුණ දෙමින් සිටිනවා.

ඒ හේතුවෙන් උෂ්ණත්වය 44°C දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජනතාව බහුලව වාසය කරන ඇටිකා, කෙරටි හා ස්ටෑමාටා ප්‍රදේශ වල දැඩි සුළං හේතුවෙන් පැතිර ගිය ප්‍රබල ලැව් ගිනි දෙකක් මැඩපැවැත්වීමටයි ගිනි භටයින් කටයුතු කළේ.

ඊයේ රාත්‍රිය පුරාම ගිනි නිවීම් කටයුතු සිදු වුණා.

ඇතැම් ප්‍රදේශ වල මෝටර් රථ හා නිවාස ලැව් ගිනි වලට හසුව විනාශ වී තිබෙනවා.

45 හැවිරිදි පුද්ගලයෙක් ඇතන්ස්හි ගින්නෙන් පලා යාමට උත්සාහ කිරීමේදී හෘදයාබාධයකට ලක්ව මිය ගියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *