Sat. Jun 28th, 2025

ඊශ්‍රායල හමුදා හා හිස්බුල්ලා සටන්කාමින් අතර දරුණු ගැටුම් තවදුරටත්

Aug26,2024

ඊශ්‍රායල හමුදා හා හිස්බුල්ලා සටන්කාමින් අතර දරුණු ගැටුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

හිස්බුල්ලා සංවිධානය දරුණු ලෙස එල්ල කරන රොකට් හා ඩ්‍රෝන ප්‍රහාරයන් මැඩපැවැත්වීම සඳහා දකුණු ලෙබනනය පුරා ප්‍රහාර රැසක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසනවා.

ඊයේ උදෑසන ජෙට් යානා භාවිත කරමින් ඉරාන සහාය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ රොකට් විදිනයන් දහස් ගණනක් විනාශ කළ බව ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් කියා සිටියා.

මෙම ප්‍රහාර වලින් හිස්බුල්ලා සටන්කාමීන් තුන් දෙනෙකු මිය ගියා.

ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට රොකට් හා ඩ්‍රෝන ප්‍රහාර 320ක් එල්ල කිරීමට තමන් සමත් වූ බවයි හිස්බුල්ලා සංවිධානය පවසන්නේ.

එක් ඊශ්‍රායල නාවික හමුදා සෙබළෙකුද මිය ගොස් තිබෙනවා.

ඊශ්‍රායලය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට හිස්බුල්ලා සාමාජිකයන් 560 කට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙනවා.

ඊශ්‍රායල සිවිල් වැසියන් 26 දෙනෙකු හා හමුදා සෙබළු 23 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.

ලක්ෂ 2කට ආසන්න පිරිසක් ගැටුම් හේතුවෙන් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *