ඩෙබි සුළි කුණාටුව හේතුවෙන් ගිණිකොන දිග ඇමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ඩෙබි සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ජෝර්ජියා හා කැලොරයිනා යන ප්‍රාන්තයන්ට ඉදිරි දින කිහිපය තුළ දී දැඩි ගංවතුර තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.
මේ වන විට ඩෙබි සුළි කුණාටුවේ ප්‍රබලත්වය අවම වීම හේතුවෙන් එය ගමන් කිරීමේ වේගය අඩාල වී ඇති බව ද කාලගුණ අංශ පෙන්වා දෙනවා.
ඒ හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග හටගන්නා ගංවතුරත් සමග ජීවිත හානි සිදුවිය හැකි බවටයි ඇමෙරිකාවේ, ජාතික සුළි කුණාටුව මධයස්ථානය අනතුරු අඟවන්නේ.